පුනරාගමනය

අවුරුද්දකට විතර පස්සෙ, ඔව්.... අවුරුද්දකටත් වැඩි කාලෙකට පස්සෙ ආයෙමත් කුරුටු ගාන ආසාව ඇවිත්. බ්ලොග් අඩවියක් පටන් ගත්තට ම වැඩක් නෑ, ඒක නිතර නිතර යාවත්කාලීන කරන්න බැරිනම්. බොරු කරන්නෙ මොකටද කියල බ්ලොග් ලියවිල්ල අතඇරල දාල තිබ්බෙ ඔන්න ඔය හේතුව නිසා. හැබැයි නිකමට වගේ මේ ඉසව්වෙ මකුලුදැල් කාරිය කඩලා.... දූවිලි ගසලා සුද්ද පවිත්‍ර කරලා ගත්තොත් හොඳයි කියල හිතුණ. අවුරුද්දක් විතර තිස්සෙ යම් තරමකට ස්වාධීන ව ගෙවපු ජීවිතෙත් එක්ක යම් යම් අත්දැකීම් තුලින් මෝරපු අදහස් ටික හිතේ එකතු වෙලා එකතු වෙලා පල් වෙලා යන එක වලක්වන්න ඕන කියල හිතෙන නිසා ආයෙමත් තාරාගේ නවාතැන අලුත් කරන්න හිතුව. එහෙම නම්, ඉදිරියට මුණ ගැහෙමු. වෙනස් වුණු ජීවිත වල වෙනස් අත්දැකීම් එක්ක.