වැහි කඳුළු

මේ කවිය ගැන කිසිම විස්තරයක් කරන්න මම සූදානම් නෑ. නමුත් මේකට හේතුව නම් ලස්සන කතාවක් කියවගෙන යද්දි ඒකට ම ඈඳිලා යන විදිහෙ සත්‍ය අත්දැකීමක් එවැන්නකට මුහුණ දුන් මිතුරියක් මගින් දැනගන්න ලැබීම. ඇයගේ කතාව අහන ගමන් ලියවුණු දේ් තමයි මේ. නමුත් පෙර ඒව තරම් නම් ගුණාත්මක නෑ වගේ ගතියක් මගේ හිතට දැනුනා අවසානයේ. කිසියම් හේතුවක් නිසා, මම ලියන කවියක රහ මට නොදැනෙන මානසිකත්වයක් ඇතිවෙලා තියෙන්නෙ. සමහර විට වැඩ අධික නිසා වෙන්න ඇති. :)
කොහොම නමුත් "මේකත් මේ දැන් ම උස්සනව" කියල කියපු මගේ ප්‍රාණසම මිතුරිය නිසා  බ්ලොග් එකේ පල කරන්න හිතුව. 


අකල් මන්දාරම් 
අඳුර මැද
දුරුතු අහසම
කළු කරද්දී....
හිත් අහසටත්
කළු වලාවන්
මටත් රහසෙ ම
රැස් වුණා.....
ගුගුරනා නිරුවත්
අහස් ගැබ
කළු කපා
විදුලිය කොටද්දී.....
හිතේ පතුලක
හංගලා තිබු
මතක අළුතෙන්
දැල්වුණා....
සිහින් සිරිපොද
මල් වහින තුරු
වියලි තුරු ලිය
බලා ඉද්දී....
පෙර දිනක
නුඹ දකිනු රිසියෙන්
මඟ බැලූ'යුරු
සිහිවුණා.....
සොඳුරු මල් වැහි
වියළි කතරක
සා පිපාසා
නිවා ලද්දී....
ඉරි තලා ගිය
හිතට පෙම් වැහි
නුඹ ගෙනා හැටි
සිහිවුණා....
මල් වැහි ම
නා කපන වැහි වී
රුදු ව චණ්ඩ ව
බිම තෙමද්දී....
නුඹෙ පෙම නමින්
මම හෙළු කඳුලින්
දෙකොපොල් ඉවුරු සේදී
බොඳ වුණා.....
සෙනෙහසේ ගං දෑල බිඳුණා....
ආ ගිය මගේ කටු කොහොලු ඇනුණා....
ඉස්සර ම දවසක මතක විතරක්
තවම තැන තැන සැඟව තිබුණා.....
නුඹ දන්නෙ නෑ
මං කඳුළු හෙළුවා
නෙතට බර වැඩි
වෙන තරම්....
දුරුතු අහසත්
වැස්ස වෙනුවට
කඳුළු බිඳු වස්සන
තරම්........
අර පේන අහසේ
කළුව නම්
මග‍ෙ හිතේ පිරි
දුක් කළුවමයි....
ඒ කළුව අතරින්
කෙටූ විදුලිය
මගෙ හිතේ පිරි
 
දුක් ගින්දරයි....
වැහි බිංදු වී
පොලොවට වැටෙන්නේ...
මම හෙළුෑ
නොතිරක් කඳුළුමැ'යි
අහසක් ම හැඬවූ
වියෝ දුක් මට
දුන්නෙ  මගෙ
සැලමුතු පෙමයි......


ප.ලි. පහුගිය දවස් ටිකේ මේ පැත්තෙ එන්න ම බැරි වුණා, සමහර වෙලාවට කවියක් දෙකක් කුරුටු ගාන්න නෙවෙයි, හිතන්නවත් වෙලාවක් නැති වෙන විදිහට වැඩ වැටිලා තිබුනු නිසා. අනිත් එක පාළුව, තනිකම දැනෙන්න නොදීපු කැම්පස් සෙට් එකේ පිස්සු යාළුවෝ ටික නිසා ජීවිතේ යන්න ගියපු පාරවල් වෙනස් වෙලා අලුත් අරමුණු වලට වැටිලා. ඒක නිසා ඇකඩමික් වැඩ වගේ ම බාහිර වැඩත් වැඩි වෙච්ච නිසා තමයි මේ විදිහෙ නිහඬබවක් අැති වුණේ. බ්ලොග් එකත් එක්ක හිටපු හැමෝට ම ගොඩක් ස්තූතියි. මම ලියන දෙයක් ලස්සනයි කියන වාරයක් ගානේ මට තවත් ලියන්න ඒක ධෛර්යයක්. අනිත් එක මට කෙනෙකුගේ හිතට දැනෙන නිර්මාණයක් කරන්න පුළුවන් බව ඇඟවීම තුලින් මට මං ගැන ම පුදුම හිතෙන තත්වයක් ඇති කලේ මේක කියවන ඔබ. ඒ නිසා දහස් වාරයක් තුති,  වචනයකින් හරි අගය කලාට සහ බ්ලොග් එක පැත්තේ ආපු හැමෝටම.

15 comments:

  1. ලස්සනයි තාරා. . . අර රහ දැනෙන්නෑ කියපු එක දිවේ වැරැද්දක්, මට නම් මේ කවියෙ රහ හොඳටම දැනුණා.

    ReplyDelete
    Replies
    1. දිවේ රස අන්කුර අතුරුදහන් වෙලාද කොහෙද සාකියා, කොහොමවෙතත් බොහොම ස්තුතියි, රස දැනුන නම් ඒ ගැන හරිම සන්තෝසයි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  2. Replies
    1. බොහොම ස්තුතියි, ගී පවුර:) :)

      Delete
    2. This comment has been removed by the author.

      Delete
  3. රහක් නැත්තතෙම නෑ තාරාවෝ (තතිත්දෙකයි තුන)

    ReplyDelete
  4. මට රහ නැති එකනෙ පස්නෙ, :පී

    ReplyDelete
  5. අපිටනම් ඉතින් මේ පද ටික ගොඩක් රහයි.ඉඩ ලැබෙන වෙලාවක ලියමු තාරා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිංහ මචන්, ඉඩ ලැබෙන හැම වෙලාවක ම හිතක් හිතුනොත් ලියන එක ම තමා කරන්නෙ :)

      Delete
  6. රහට ලියල තියනවා...ඔයාගේ දිවේ ප්‍රශනයක් තාර...:P

    ReplyDelete
  7. ස්තුතියි ගිම්මියෝ, රස අංකුර අතුරුදන් වෙලා ද කොහෙද මේ දවස් වල :P

    ReplyDelete
  8. අද තමා මේ පැත්තෙ ආවේ.. දිගටම එන්නම්..!!

    ReplyDelete
  9. ගොඩක් ලස්සනයි තාරා. හිත පත්ලටම දැනුණා.

    ReplyDelete