රැය ගෙවේ- සඳත් නිවේ...දුරයි ජීවිතේ

අත්දැකීමක් නොවී අත්දැකීමක් වුණු අතථ්‍ය යථාර්ථයක කතාවක් මේක. පෙම්වතුන්ට රාත්‍රිය බොහොම කෙටියි. නමුත් විඳවමින් විඳින ප්‍රේමයේ පරාජිතයන් ට රාත්‍රිය කොයි තරම් නපුරුකම් කරනවද?  නිදි නැති ව අඳුරට ඔරවගෙන, එහෙමත් නැත්නම් හිතේ කළුවර කඳුළු වලින් සෝදා හරින්න හදන ඒ ජීවිත වල කතාව මට දැණුනු හැටි.෴
ඉකුත් කලකදි
ඇසිල්ලක් වුණු
රාත්‍රිය.....
නුඹ ඇයිද
මෙතරම්
දිගු ව නපුරු ව
සිත දවන්නේ....
එදා මතකය
මෙදා සිහිනෙකි
පුරා නිදි නැති
දෙනෙත් තෙත් කළ
මොහොතකින්
පෙම් කවක් බොඳ කළ
හිත් අතර
වැට කඩුළු ඉදි කළ
කුරුටු ගෑවෙන
කවි දෙපදයක
හිත ගිලන් වී
හඬා වැලපෙන
හඬක් ඇති බව
ලොවට නොදැනෙන
රාත්‍රිය නුඹ......
එපා එන්නට
අඳුරු කළුවර
මගෙ හිතට ගෙන......

8 comments:

  1. ලස්සනයි තාරා.....

    සින්ඩියටත් එක් කරා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිංහ මචන්! සින්ඩියට එක් කරපු එක ගැන විශේෂයෙන් ම!!!

      Delete
  2. නෙතු හඩවන
    මුව ගොළු කල
    රැහැයි නද
    ඉමක් නැති
    පාලු දිවියක
    මතක මන්
    කොනිත්තන්නට
    තනන පාලු වූ
    මුසල රැයක්...

    ලස්සන පද වැල් තාරා...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් ගිම්මියො,
      බොහොම ස්තූතියි දිරිගැන්වීමට, දිගටම ගොඩ වෙලා යන්න එන්න

      Delete
  3. කුරුටු ගෑවෙන
    කවි දෙපදයක
    හිත ගිලන් වී
    හඬා වැලපෙන
    හඬක් ඇති බව
    ලොවට නොදැනෙන//

    ලස්සනයි.ජයවේවා....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි, දිගටම එන්න කටුසු

      Delete
  4. නියමයි... මේවනම් තනිකමට ම ලියවෙච්චා.

    ReplyDelete
    Replies
    1. තනිකම ම තමා කසුන්, තනිය එක්ක ඉබේම ආ සිතුවිල්ලක්.
      දිගටම එන්න :)

      Delete