එකමත් එක කතාවක්

එකම කතාව හිත රිදෙන්නත්, හිත හැදෙන්නත් හේතු වෙන අවස්ථා කලාතුරකින් අපේ ජීවිත වල තියනව. සමහර දේවල් වල ඇත්ත හිත රිද්දන අතරෙ මතක හිත සනසනව. තිත්ත ඇත්ත හමුවේත් ඇතැම් විට වෛරය සහ කලකිරීම හිතේ අහලකටවත් නොඑන්න  හේතුව සමහර විට අර මතක වලට අපි කවුරුත් හිතින් තවමත් ආදරේ නිසා වෙන්න ඇති. කාලයත් එක්ක වෙනස් වෙයි කියල බලාපොරොත්තු තියන්න බැරි තරම් මිනිස්සුන්ව දුර එක්කගෙන යන්න මතක වලට පුළුවන්. පහලින් තියන කවියක් නොවන කවිය කියවල යාළුවෙක් දීපු කොමෙන්ටුවක් නිසයි පල කරන්න හිතුවේ. නැත්නම් මේව දකින්නෙ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි.
"අඩෝ මං මේක නං උස්සනව, සිරාවට ම"
මදූකා.... උඹ මෙහෙම නොකියන්න මට මේක බ්ලොග් එකේ දාන්න තරං හයියක් නෑ. ඒක නිසා මේකෙ ක්‍රෙඩිට් එක උඹට!
෴෴෴෴෴෴෴෴෴
පෙර අතීතෙක
හදේ ගැඹුරක
ඇඳුණු දා
පෙම් සිත්තමක්....

සත්තමයි
සිහිනෙනුත් හෙව්වේ
කතා කරනා
ඇස් දෙකක්.....

අහිංසක හිත්
මලක්  දුටියෙම්
දෝර ගලනා
සෙනෙහසක්.....

ප්‍රේමයෙන් පැරදී
ගිලන් වී
සැනසුමක් සොයනා
හදක්.....

දුක හිතේ යටි
කොනක හංගා
ඇහුම්කන් දුන්
මගෙ කතාවට....

ඇස්වහක් කටවහක්
නම් නෑ....
සත්තකයි හිත
හැදු ලතාවට......

ඇස් දෙකක්
වෙනුවට මගේ හිත
තව හිතක් ලඟ
ගොළුවුණා....

හද පුදසුනේ
නුඹෙ නම තියා
මම පිදූ මල්
විකසිත වුණා..... 

තෙරපි තෙරපී
උල්දිය දැමූ
සෙනෙහසේ උල්පත
සිඳුනෙ නෑ.....

ඉස්සර ම හිත
තියා ගිය තැන
නිසා නුඹ ඒ
දුටුවෙ නෑ......

මං පමා වැඩි
බව හැඳින්නෙමි
මට උරුම
හැමදා තනිකමයි.......

එපා ඔය හිත
රිද්දගන්නට
නුඹෙ සතුට මගේ
මුළු ලෝකයයි......

කවමදාවත්
මගේ හීනය
එලි නොවී
තිබෙනා හැඩයි......

කමා කල මැන
සිත මරනු බෑ
නුඹට මම තව
ආදරෙයි......

෴෴෴෴෴෴෴෴෴

19 comments:

  1. //නැත්නම් මේව දකින්නෙ එක්කෙනෙක් දෙන්නෙක් විතරයි.//

    එක්කෙනෙක් දෙන්නෙක් විතරක් බලන්නෙ ඇයි කිවුවොත් මං අර කලින් ඉල්ලා හිටපු විදියට Followers ගැජට් කෑල්ල එල්ලගත්තෙ නැති නිසානෙ.

    G+ Followers නෙවෙයි, වෙනම Followers කියලා ගැජට්ටුවක් ඇති.

    දැන්වත් ඕක එල්ලගනිං!

    ReplyDelete
    Replies
    1. සාකියා.... ඔන්න දැන්නම් හරි. ඒ ගැජට් එකත් එල්ලුව. දැන් හරිනේ? දිගටම එන්ට ආහ්??? :) :D

      Delete
  2. හරිම අපුරුයි වෙලාව තියෙන විදියට අනෙක් ලිපිත් කියවන්ට එන්නන් (තිතක්)

    මේ පැත්තේ එන්ට පාර පෙන්නුවේ කැරකොප්පුව (තිතක්)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝදරයා, දිගටම එන්න, ස්තුති කරන්න පරක්කු වුනාට සමාවෙන්න

      Delete
  3. කවි ටික නම් ඇත්තටම ලස්සනයි.

    අදයි මේ පැත්තේ ගොඩ උනේ. දිගටම ලියන්න ජය.

    ReplyDelete
  4. අදයි අපිත් ආවේ.............. සින්ඩියටත් දා ගත්තා.. අජිත්කුමාරගේ සින්ඩියෙන් තමා පාර අහගත්තේ.... ජය

    http://kurutugegeepawra1.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගී පවුර, සින්ඩියට එක් කල එකටත් එක්කම, ජය!!!

      Delete
  5. ලස්සනයි තාරා... ජයවේව!!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගිම්මි, ඔයාටත් ජය!!

      Delete
  6. දුක සතුට හැම වෙලාවෙම අපට දැනෙන්නේ නෑ... ඒත් සතුටට ලියවෙන කවි වලට වඩා දුකේදී ලියවෙන කවි හරි හැඩයි.
    ගොඩක් ලස්සනයි තාරා... දිගටම ලියමු අපි එනවා බලන්ට...

    ReplyDelete
    Replies
    1. දුකේදි ලියවෙන කවි ලස්සනට පේන්නේ අපි සතුටට වඩා දුකට සන්වේදි නිසා වෙන්න ඇති. ස්තුතියි සින්හ මචන්, දිගටම එන්න

      Delete
  7. හාාාාාා
    කවි කවි
    අපි එනව කවි
    ලියන්ට ටාරා ලියන්ට අපි එනා මලවන්ට
    ජයෙන් ජයම වේවා

    කවිය ලස්සනයි ටෑරේ.. :-D :-D :-P

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේශ් සහෝදරය, දිගටම එන්න

      Delete
  8. දුක වේදනාව ලඟදී මිනිස්සුන්ගේ තියන ගල් හිත් දාර්ශනික හිත් බවට පත්වෙනවා.අන්න එතකොට තමයි අපිට කියවන්න රසම රස නිර්මාණ බිහිවෙන්නේ මේ වගේ.....

    ReplyDelete
    Replies
    1. දාර්ශනික වෙනවටත් වඩා අපේ හිත් සන්වේදි වෙනවා. :)

      Delete
  9. අදයි මේ පැත්තේ ආවෙ. හරිම ලස්සනයි !

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මෙතූ, දිගටම එන්න

      Delete